Monday, June 2, 2014

වලිගාමම් උතුරෙහි ජනතා ඉඩම්වල ජනාධිපතිට සියළු සැප පහසුමක් සහිත සුපෝබභෝගි නවාතැනක්

Share
-ග්ලෝබල් සිංහල පුවත්-
වලිගාමම් උතුරෙහි ජනතා ඉඩම්වල ජනාධිපතිට සියළු සැප පහසුමක් සහිත සුපෝබභෝගි නවාතැනක්
 කිරීමලයි ප්‍රදේශය J/ 226 ග්‍රාම සේවක වසමේ ක්‍රිෂ්ණන් කෝවිලඩියෙහි ඉකුත් නවාතැන ඉදිකිරීමට නියමිතය. උතුරෙහි සංචාරය කරන ජනාධිපතිට නවාතැන් ගැනීම සඳහා එම නවාතැන ඉදිකෙරන බව පැවැසේ.

නවීන සැප පහසුකම් සහිත ඉදිකෙරෙන එම නවාතැනයෙහි මැද සුපෝබභෝගි විශාල නිවසක්ද එය වටා කුඩා නිවාස 7ක්ද ඉදිකරමින් සිටියි. එම නවාතැන වටා අධි වේගි මාර්ගයට දමන උසස් තත්වයේ කාපට් මාර්ගයක්ද සකසා තිබේ. එම නවාතැන වටා පිහිටි ඉඩම්වලින් ගල් කඩා ගැනීමෙන් විශාල වලවල්ද දැක්නට ලැබේ. එම වලවල්වලට අගල් කපා මුහුදු ජලය ඇතුල්කර ජලය ගලා යෑමේ කටයුතුද සිඳුකෙරේ. 

වලිගාමම් උතුරෙහි සිට පසුගිය වසර 23කට අධික කාලයක් අවතැන්ව ගොස් සිටින 10 දාහකට අධික පවුල් මේවනවිටත් සරනාගත කඳවුරුවල හා තම ඥාති මිත්‍රයන්ගේ නිවස්වල ජීවත්වෙමින් සිටිති. එම ජනතාවට අයත් වලිගාමම් උතුර ග්‍රාම සේවක වසම් 24ට අයත් අක්කර 6384ක් ඉඩම් ප්‍රමාණයක් හමුදාව විසින් අත්පත්කරගෙන සිටියි.

එම ඉඩම්වල හමුදාව විසින් යෝගට් කම්හල, ගෝල්ෆ් ක්‍රිඩාංගනය, තරු හෝටල්ද ඉදිකර තිබෙන අතර ගොවිතැන් කටයුතුද සිඳුකරමින් සිටි අතර දැන් එහි ජනාධිපති නිළ නිවසක්ද ඉදිකරමින් සිටියි. 

 
 
 
 
GTMN - GLOBAL TAMIL NEWS

No comments:

Post a Comment