Monday, June 2, 2014

ඉන්ධන සහනාධාරය නැවත ලබා දෙන්න - ධීවරයෝ

BBC news

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 25 අඟහරුවාදා - 12:28 GMT

වර්ජනය හේතුවෙන් හලාවත හා මීගමුව මාළු වෙළඳපොළවල් වසා දමා තිබිණ
ධීවරයන්ට ලබා දුන් ඉන්ධන සහනාධාරය නවතා දැමීමට විරෝධය පළ කරමින් මීගමුවේ සිට කල්පිටියේ බත්තලන්ගුන්ඩුව දක්වා ධීවරයෝ මුහුදු යාමෙන් වැලකී වර්ජනයක නිරතවී සිටියහ.
සඳුදා පැවති වර්ජනය හේතුවෙන් ලංකාවේ ප්‍රධානතම මාළු වෙළඳ පොළවල් දෙකක් වන හලාවත හා මීගමුව මාළු වෙළඳපොළවල් වසා දැමීමට සිදු විය.
තුවාල ලැබීමෙන් අසරණ ව සිටි ජේසු මරිය කිංස්ලි නමැති ධීවරයා සිය දිවි නසා ගත්තේ තම දරුවන්ට බරක් වීමට නො හැකි බව පවසමින්.

සාකච්ඡා 'සාර්ථකයි'

රට පුරා පැවති උද්ඝෝෂණ නැවතුණේ ඉන්ධන සඳහා සහනාධාරයක් ලබා දෙන බව රජය පොරොන්දු වූ පසුවයි.
එලෙස ලබා දුන් සහනාධාරය මේ වන විට නවතා දමා ඇති බවයි, ධීවරයන් පවසන්නේ.
කතෝලික සභාවේ මෙහෙයවීමෙන් තමන්ගේ ඉල්ලීම් පිළිබඳ ව සඳුදා ධීවර අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡා අසාර්ථක වූ බවද ධීවර නායකයෝ පවසති.
සිය ගැටලුවලට විසඳුම් ලබා දීම පිණිස මේ මස 27 වන දින දක්වා කල් දෙන මෙන් ආණ්ඩුව ඉල්ලා සිටි බව ඔවුහු බීබීසී සංදේශයට කියා සිටියහ.
කෙසේ නමුත්, ධීවර නායකයන් හා කතෝලික ආගමික නායකයන් සමග සඳුදා පැවැත්වුණු සාකච්ඡා සාර්ථක වූ බවයි, ධීවර නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න සංදේශයට කියා සිටියේ.

No comments:

Post a Comment